Uncategorized

අසාද් සාලිගේ පෙත්සම සලකා බැලෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉවත් වී තිබේ.

ඒ හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම ලබන 14 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

පෙත්සම අද (02)දින සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ජනක් ද සිල්වා මහතා, පෞද්ගලික හේතුවක් මත තමා නඩු විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නේය.

මෙහිදී අත්අඩංගුවේ පසු වන අසාත් සාලි මහතාට එරෙහිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බව ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබුණි.

එහෙත් ජනක් ද සිල්වා විනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පෙත්සම්කරු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අදාළ කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවය.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු විසින් ඉකුත් මාර්තු මස 10 වනදා මාධ්‍ය සාකච්ඡාවකදී පවත්වමින් පැවසූ කරුණු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇතැයි දැනුම් දුන්නේය.

එහෙත් මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියට අදාළව පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 14 වන දා සිදුකිරීමටද විනිසුරු මඬුල්ල තීන්දු කළේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ම අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා විසින් සිය නීතිඥවරු මගින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

Travel News – How this family of 3 can afford to travel the world year-round

colombotoday

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday