Colombo Today Local News

නෞකාවේ ගින්නෙන් අම්ල වැසි ඇතිවිය හැකි | වැස්සට තෙමෙන්න එපා

නෞකාවේ ගින්න හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ළහඳපුර පවසයි.

මෙම ගින්න හේතුවෙන් පිටවූ නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් අම්ල වැසි ඇති වන බව සභාපතිනිය කියා සිටියාය. එලෙස ඇති වන වායු ධාරාවන් වෙරළබඩ ප්‍රදේශවල සිට රට තුළට ගමන් කළ හැකි බවත් එමගින් අවට ප්‍රදේශවලටද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඇය පවසන්නීය.

එමෙන්ම එළිමහනේ ඇති ලෝහයෙන් තැනූ උපකරණ මෙන්ම වාහන ආවරණය කර තැබීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටින සභාපතිනිය මෙම වැස්සට නිරාවරණය වන්නන්ට විවිධ අසාත්මිකතා ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

මෙම නෞකාවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ස්පර්ශ කළ පුද්ගලයන් කිහිපදෙනෙකුට මේ වන විටත් සමේ ආසාත්මිකතා හට ගෙන ඇති බවත් මෙම සුන්බුන් ඉවත් කිරීමට අදාළ නිලධාරීන් නියමිත ක්‍රමවේද යටතේ මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

Related posts

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි අලෝසියස් CID අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

ඡන්දය ඉවරවනතුරු කසිප්පු වඩියක් පෙරාගන්න ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ පොලිසියෙන් ඉල්ලති

colombotoday

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday