World

ක්වාලාලම්පූර් නුවරදී මෙට්‍රො දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි | 213 කට තුවාල

මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියක් බව පැවසේ.

දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් 213 දෙනාම අනතුරින් තුවාල ලබා ඇති අතර ඉන් 47 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නඩත්තු කටයුත්තකින් පසු හිස් දුම්රිය, මගීන් රැගත් දුම්රිය ධාවනය වූ මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ උමං මාර්ගයක් තුළදී එලෙස අනතුරට ලක්ව තිබේ.

දුම්රිය පාලක මැදිරියෙන් සිදු වූ වැරදි සන්නිවේදනයක් නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට සැක කරන අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී මොහොමඩ් සයිනාල් පවසා ඇත.

වසර 23 ක් වූ මෙට්‍රෝ පද්ධතියේ සිදුවූ විශාලතම අනතුර මෙය බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 8ක් මරු දකී

Admin