Colombo Today Local News

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු කරන ලද පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදී ම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයකු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය.

Related posts

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

මහින්ද අගමැති කිරීම නිසා ආර්ථිකය කඩා වැටිලා, රට අස්ථාවර වෙලා…

colombotoday

වැඩබලන පොලිස්පතින්ගෙන් විශේෂ දැනුම් දීමක්

Admin

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

රාජිත-චතුර CCDයට

colombotoday

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

colombotoday