Colombo Today Local News

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වීම නිසා තමා මෙම තීරණය ගත් බවද ඔහු කියයි.

මේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ගේ ඡන්දය ගණනය වී නැති බවට චෝදනා එල්ල වී ඇත.එය ගණනය වූයේ නම් පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරු පවසති.

පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේදී තම තමන්ගේ ඡන්දය වැටී ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්නැයි තමා කීප වරක්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් එවැනි අවස්ථාවලදී මන්ත්‍රීවරුන් දැඩි සැලකිල්ලෙන් සිටියේ නම් මෙවැනි අඩුපාඩු වළක්වා ගත හැකි බවත් කතානායක වරයා පැවසුවේය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Related posts

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

colombotoday

වැලිපාර්ක් හන්දියේදී බස් රථයක් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී තාප්පයක් ත් ගැටෙයි… දෙදෙනෙක් මරු දකී

colombotoday

Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටම

colombotoday

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday