හුංගම ඇත්බටුව ප්‍රදේශයේ හැත්තෑ හැවිරිදි සැමියා සිය බිරිඳ සහ බාල පුතුගේ බිරිය (ලේලියට) කැත්තකින් කොටා සිය නිවස ඉදිරිපිට මිදුලේ ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
කාන්තාවන් දෙදෙනාගේම ගෙල වෙන්වන සේ කපා මරා දමා තිබූ බව පොලීසිය පවසයි.
මෙසේ මරා ඇත්තේ හුංගම ඇත්බටුව පදිංචි වීරසිංහ පට්ටිය ගමගේ ප්‍රේමාවති (67) බිරිඳ සහ ගීගනගේ රම්‍යා ප්‍රියදර්ශනි චන්ද්‍රකාන්ති (39) ලේලියයි.
අපරාධය සිදු කල 70 හැවිරිදි අපරාධකරු කාන්තාවන් දෙදෙනා ඝාතනය කල කැත්ත සමඟ එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.