Colombo Today Local News

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණවල වාර්තා අසම්පුර්ණ බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත දැනුම්දීම සම්බන්ධව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකර තිබේ.

පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් වු සාක්ෂි ලිඛිතව තහවුරු කරන ලෙසත් තවත් සැකකරුවන් 05 දෙනෙකු පිළිබඳ පරීක්ෂණ අසම්පුර්ණ බවත් පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබුණි.

මේ හේතුවෙන් සිය ධුර කාලය අවසන්වීමට පෙර අදාළ සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි වන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (15) ප්‍රකාශයක් නිකුත් කළේය.

Related posts

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

අස්වැසුම අයදුමට හැදුනුම්පත අනිවාර්යයි

Admin

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට අත්හිටුවා පුරාවිද්‍යා වාර්තාවත් කැඳවයි

colombotoday

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin