Covid 19

පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් පෙන්වන බවත් (16)දා පෙරවරුව වන විට තුන්වන ‍රැල්ලෙන් හඳුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 711ක් බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

ඊට මතරව මේ වන විට පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ආසාධිතයිත් හඳුනාගැනීමේ දී පී.සී ආර්.පරික්ෂණ ප්‍රතිපල ලැබීමේ ප්‍රමාදය නිසා අහඹුලෙස පරික්ෂාවට ලක් කෙරෙන පුද්ගලයින්ගෙන් රෝගය පැතිරීමේ අවදානමක් ද පවතින බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමක දී ය.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සහල් මෝලක සේවය කරන පුද්ගලයින් 300 කගේ පමණ කරන ලද පී. සී. ආර්.හා ‍රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලින් 26 දෙනෙකු ආසාධිතයන් බවට තහවුරු වීමත් තවත් 100 දෙනෙකුගේ පමණ ප්‍රතිපල ලැබීමට තිබීමත් නිසා එම ප්‍රදේශයේ ද අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. කෙසේ වෙතත් එසේ හඳුනාගත් පළමු ආශ්‍රිතයන් සියලු දෙනා එම වීමෝල් කර්මාන්ත ශාලාවේම නිරෝධායන කර තිබෙන බවත් ඉන් පිටතට ඒමට තිබෙන ඉඩ බොහෝ දුරට පාළනය කර ඇති බව ද හෙතෙම කීය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ කාර්යාලයේ හා පොලොන්නරුව මහ රෝහලේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන 6 ම මේ වන විට ආසාධිත රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව ද හෙතෙම අනාවරණය කළේ ය..

මේ අතර හිඟුරක්ගොඩ මූලික රෝහලේ විශේෂ කොරෝනා ප්‍රතිආර ඒකකයේ ඇඳන් 200 ද ගල්ලෑල්ල විද්‍යා පීඨයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 400ක් ද කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 800ක් ද පූනානිවල රෝගීන් 800ක් ද පූනානි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් 300ක් ද වැලිකන්ද රෝහලේ රෝගීන් 100ක් ද වශයෙන් ආසන්න වශයෙන් රෝගීන් 2600ක පිරිසකට රෝගී සත්කාරක සේවා පවත්වාගේන යනු ලබන අතර ගර්භනී හෙදියන් සේවයට කැඳවීමෙන් වැලකී සිටීමට ලබා දී ඇති නිර්දේශ අනුව හෙදියන් පුහුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ රෝග ව්‍යාප්තිය පාළනය සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබුණද හඳුනා ගන්න ආසාධිතයන් හා ආශ්‍රිතයන්ගේ පී .සී ආර්.පරික්ෂණ ප්‍රතිපලත් සමාජයේ විවිධ ස්ථානවල අහඹු ලෙස සිදු කරන පී. සී. ආර්. පරික්ෂණ ප්‍රතිපලත් ලැබීමේ ප්‍රාමාදය නිසා මෙම වෛරසය තව දුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

විශේෂයෙන් ම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අලුතින් මතු වූ කොරෝනා පොකුර නිසා ඉතා දුෂ්කර ප්‍රදේශවල අහිංසක ගොවි ජනතාව අවදානමක සිටින බව ද හෙතෙම වැඩි දුරටත් කීය. එය පාළනය කිරීමට හැකි සෑම පියවරක් ම ගනිමින් සිටින බවත් පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල ප්‍රමාදය මෙම කටයුතු සඳහා බලපාන බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,734 ක් වාර්තා වෙයි

colombotoday

මැදවච්චියේ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට. | වකුගඩු රෝගීන් 30කට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

colombotoday