Colombo Today Local News

කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්කරු සුරේෂ් ගේ ගෝලයෙක් සමග මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් විදේශගතව සිට මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙකු ලෙස සැලකෙන සුරේෂ් නැමැත්තාගේ ගෝලයෙකු ඊයේ (06)දින බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකර තිබූ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ඔහු ප්‍රදිප් කුමාර් නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්ම අපරාධ මර්දන ඒකකය විසින් එම වැටලීම සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 22ක්, හෑෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 527ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් ලක්ෂ 4ක් සහ ජංගම දුරකථනයක් ද සොයාගෙන තිබේ.

Related posts

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

colombotoday

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට ලෝක බැංකුවෙන් අරමුදල් සපයා ගන්න අනුමැතිය

Admin

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday