Colombo Today Local News

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (04)දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව සභාව තුළ සිටින මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දයෙන් මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට පාර්ශ්ව කීපයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කථානායකවරයා වෙත එවා තිබිණි.

Related posts

“ඇබ්සන්ට් වෙමු කියා, අනිත්ම මෙහොතෙ ගිහින් ඡන්දෙ දුන්නා..” එස්.බී-තිලංග කළ දේට සොයිසා කනස්සල්ලෙන්

colombotoday

MRP උල්ලංඝනය කළ වෙළඳසැල් හිමිකරුට රු. 100,000 දඩයක්

Admin

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin