Colombo Today Local News

කළු ඉරිදා දේව මෙහෙයට කුරාන රැගෙන පැමිණි මුස්ලිම් කත අත්අඩංගුවට

කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංග‍්‍රීසි නමකින් පෙනී සිටි 53 හැවිරිදි මෙම කාන්තාව දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී සැකකළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප‍්‍රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්යි.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිස් මූලස්ථානය සහ කටුගස්තොට පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද වාර්තාවේ.

Related posts

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin