Colombo Today Local News

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

mithrepala

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරටේ රජයන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පස්වරුවේ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වූ අවස්ථාවේදීය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවත්,එය සාදනු ලැබුවහොත් තමන් ගොස් එය පුපුරුවා හරින බවට කොළඹ දිස්ත්‍රීක්කයේ මන්ත්‍රීවරයෙකු පසුගියදා කියා සිටි බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. හැදුවොත් පුපුරුවන්නේ ‍කොහොමදැයි එය දුටු තමාට සිනා පහළවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දියාවේද ලංකාවේ මෙන් පටු දේශපාලන වාසි තකා බොරු කියන දේශපාලනඥයින් සිටින බව අප තේරුම් ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් එවැනි අමනෝඥ ‍හා දේශද්‍රෝහි ක්‍රියා කිසි විටෙකත් සිදුනොකරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

මැති ඇමතිලාට ගිනි අ-වි දස දහසක්

Admin

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

colombotoday

ඉන්දියාවේ සිටි ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන එයි

colombotoday