Covid 19World

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

ඉන්දියාවේ කොරොන වයිරස් රෝගීන් විශාල ප්‍රමාණයක් වයස අවුරුදු 21-40 අතර කාණ්ඩවල සිටින බව මධ්‍යම රජය සෙනසුරාදා තහවුරු කළේය.

ඉන්දියාවේ කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඉන්දියාවේ කොරොන වයිරස් රෝගීන්ගේ වයස් කාණ්ඩ පිළිබඳව විශ්ලේෂණය කිරීමෙදී පෙනී යන්නේ 42 % ක් වයස අවුරුදු 21-40 අතර කාණ්ඩයට අයත් බවයි.

මීළඟට වැඩිපුරම ආසාදනයට ලක්වී ඇති වයස් කාණ්ඩය වන්නේ වයස අවුරුදු 41 ත් 50 ත් අතර අය වන අතර එය වාර්තා වී ඇති සිද්ධීන්ගෙන් 33% ක් පමණ වේ.

වෛරස් ආසාදනය සඳහා වඩාත්ම අවදානම් කණ්ඩායම වන ජේෂ්ඨ පුරවැසියන් (60+) ඉන්දියාවේ කොවිඩ් -19 රෝගීන්ගෙන් 17% ක් පමණ වෙති.

වයස අවුරුදු 20 ට අඩු අයගෙන් 9 % ක් පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝගීන්ගෙන් 83 % ක් වයස අවුරුදු 50 ට අඩු බැවින් තරුණ ඉන්දියානුවන්ට මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩිය.

Related posts

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා

colombotoday

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්… කුරුණෑගලත් ආසාදිතයින් 50 පනී.

colombotoday

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday