Colombo Today Local News

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත.

මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එළිදැක්වීමට නියමිත වාර්තාව ඉතා බරපතල එකක් වනු ඇතැයි පැවසු විග්නේෂ්වරන් මහතා එම වාර්තාවට පෙර තමන් විසින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබු ඉල්ලීම් ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි විශ්වාසයද පළ කරයි.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය පැවැත්වීමට පෙර පැවති සාකච්ඡාවලදි දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි හා උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක‍්‍රමණ වහා නතර කරන්නැයි ඉල්ලා සිටිය බවද එම ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද ඒ මහතා පවසයි.

තවද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් එහිදි ජනාධිපතිවරයා එකඟ වු බද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනයට අනුමැතිය

colombotoday

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

colombotoday

සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday