Covid 19

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 8කට කොවිඩ්

ගාල්ල වදුරඹ පොලිස් ස්ථානයේ අසනීප තත්ත්වයෙන් සිටි පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ඊයේ (16) දින සිදු කර ලද ඇන්ටිජන් පරීක්ෂණ වලින් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වදුරඹ පොලිසිය පවසයි.

මෙලෙස වෛරස ආසාදන වී ඇත්තේ ස්ථානාධිපතිවරයා ඇතුළු ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු හතරක් පොලිස් රියදුරු මහතෙකු හා කාන්තා නිලධාරීනියකටයි.

මොවුන් කරාපිටිය, බෝපෙ පෝද්දල, බද්දේගම සහ උඩුගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් පරීක්ෂණ සිදුකරගෙන ඇත.

මෙම නිලධාරීන් සියලු දෙනාම මේ වන විට නිවෙස් වල ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

ලබන වසරේ කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

colombotoday

මෙරට කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

colombotoday

සති දෙකක් තුනක් යනවිට දෛනික රෝගීන් ප්‍රමාණය හයදහසකට වඩා වැඩි වේවි

colombotoday