Colombo Today Local News

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

කිලිනොච්චිය,පරන්තන්, උමයාල්පුරම් හි අබිලි යකඩ කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස (07) දිනසිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාකළ අතර එහිදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.

මෝටාර් උණ්ඩවලට අමතරව හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිසිය පැවසීය.

පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.

මියගිය තරුණයා ජීවිත අවදානම නොතකා මෝටාර් උණ්ඩ කැබලිකිරීමට උත්සහ ගෙන ඇති බවත් එහිදී පුපුරාගොස් ඇති බවද පොලිසිය පැවසීය.

හමුවු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

Related posts

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

ජනධිපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් වාසි ගොඩක්

Admin

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා… ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනය ඇණහිටී

Admin

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday