Colombo Today Local News

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

භාවිතයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 1,890 ක්ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු වෙලමිබඩ – බූවැලිකඩ මාර්ගයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ කාර්ය බලකායේ ගම්පොළ ‍කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

වෙලමිබඩ – බූවැලිකඩ මාර්ගයේ, ගම්හත හංදියේදී කසල තේ තොගය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරු සමග කසල තේ තොගය අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

වෙලමිබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වෙලමිබඩ පොලිසියට භාර දී තිබේ.

Related posts

රටපුරා පන්සල්වලට බෝම්බ ගැසීමට සැලසුම් කළ අන්තවාදීන් 50ක් ගැන හෙළිවෙයි…

colombotoday

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday