Colombo Today Local News

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට අද (17)දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි තීරණය වී ඇත.

එමගින් ඉදිරියේදි මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමට ත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරිමට ත් අපේක්ෂා කෙරේ.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහභාගී ඇත.

Related posts

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමන්න තීරණය කරයි

colombotoday

කහ කිලෝ 1,559 ක් ප්‍රවාහනය කරමින් සිටියදි STF වටලයි.

colombotoday

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

මේජර් ජෙනරාල්ලා ලියන්නෙ ළමා කතා – ඊට වඩා ITN එකේ “SEX” කතා හොදයි – පෙරටුගාමින්

colombotoday