Colombo Today Local News

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

අද දිනයේ පටන් මහනුවර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල පොස්ටර් ඇලවීම තහනම් කර තිබෙන අතර, පොස්ටර් ඇලවුවහොත් එහි හිමිකරුට නඩු පැවරීමට මහනුවර නගර සභාව තීරණය කර තිබෙනවා.

නගරසභාව මෙම තීරණය ගෙන ඇත්තේ මාධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ නියෝගයකට අනුවයි.

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන් මහනුවර පූජනීය නගරයේ පරිසරය ආරක්ෂා කිරීම සදහා ගත් මෙම තීරණයට සමාජ ජාල ඔස්සේ පැසසුමට ලක්ව ඇති අතර, මෙම තීරණය රට පුරා ක්‍රියාත්මක කළ යුතු බවට බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ මහනුර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නගර සභාව විසින් ක්‍රියාත්මක කළ අතර ඊට නාගරික මන්ත්‍රීවරුන්ද එක්ව සිටි අතර, කම්කරුවන් සමග එක්වී එම මන්ත්‍රීවරුන්ද පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත විය.



ඡායාරූප – ජනිත දිසානායක

Related posts

හෙට සිට සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා අරඹන්න අනුමැතිය

colombotoday

බෙදුම්වාදී ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත් සිංහල ඩයස්පොරාවක් දැන් ඉන්නව – බෙංගමුවේ නාලක හිමි

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි

colombotoday

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin