Colombo Today Local NewsTop Stories

කිළිනොච්චියේ ඉපැරණි නටඹුන් ස්ථානයක් ඩෝසර් කරයි… ඩෝසර් කරන හැටි බලන්න TNA මන්ත්‍රීත් එයි…

කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16දා) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටඹුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරණ අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.

Related posts

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday

2022 අයවැය යෝජනා

colombotoday

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

ගණිත ගැටළු සරලව විසදන උපකරණයක් හදා රටේ නම ලෝකයට ගෙන යන යාපනේ සෝමසුන්දරම්

colombotoday

අම්පාරේ ගින්නට බදුර්දීන් පිදුරු දමයි.. ඇමතිකමට මුවා වී ගිනි අවුලවන හැටි මෙන්න

colombotoday