Colombo Today Local News

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

රටක් වශයෙන් වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේදී ජීවිත අවදානම නොතකා ජනතාව දැනුවත් කරමින් මාධ්‍යවේදීන් ඉටුකරන සුවිශේෂ කාර්ය භාරය සහ කැප කිරීම රජය සැමවිටම අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , අද (3)දිනට යෙදී ඇති ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

තවද නිවැරදි මාධ්‍ය භාවිතය තුළින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මෙරට මාධ්‍ය නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳව අමුතුවෙන් සිහිපත් කළ යුතුව නැතැයි, සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාව කාලීන අවශ්‍යතාවක් ව ඇතැයි ද සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරන්නේ, බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කළ බවයි.

අග්‍රාමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාසයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යොදා ගන්නා ලෙසයි.

‘තොරතුරු මහජන යහපත උදෙසා ය…’ (Information as a Public Good) යන්න මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනයේ තේමාවයි.

Related posts

කොළඹ වරාය නගරය ආයෝජකයන් සඳහා හඳුන්වා දීම ලබන 26 වනදා

Admin

වෛද්‍ය සේවා වෘත්තිය සමිති 16ක් එක්ව ආරම්භ කල වැඩවර්ජනය අවසන්

colombotoday

අශෝක් ස්ටීල් කර්මාන්ත ශාලාවේ 194 දෙනෙකුට කොරෝනා. – ඉන්දියානුවන් 90 කුත් ඒ අතර.

colombotoday

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

colombotoday

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගන්නා 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මෙන්න…

colombotoday