Colombo Today Local News

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට (මැයි 31) දින සලකා බැලීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දින නියම කර තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අමරසිංහ මහතා විසින් නීතිපතිවරයා වෙත නොතීසි ද නිකුත් කර ඇත.

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කෙරුණු ශෂී වීරවංශ මහත්මියට සිකුරාදා (මැයි 27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක බරපතළ සිරදඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේ ය.

ඒ අනුව, ඊට එරෙහිව ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥවරු විසින් ඉකුත් සිකුරාදා අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ඇයගේ නීතිඥවරුන් විසින් එම ඇප ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම අභියාචනා දැන්වීම සලකා බැලීම සඳහා අද (මැයි 30) කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියම කර තිබිණි.

Related posts

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කරයි

colombotoday

ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- SOFA ගිවිසුම ගැන කිරිඇල්ල කියයි

colombotoday

වේගෙන් යන්න එපා කියූ අයෙක් අවසන් ගමන් යවයි

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා.. 20ට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

colombotoday

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday