Colombo Today Local News

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඉදිරි ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ අපනයන ප්‍රවර්ධනය කිරීමෙන් පමණක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

බැංකු ප්‍රධානීන් සමඟ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (26)දින පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි කාලය ඇතුළත දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඒ සදහා සූදානම් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටවල් හැත්තෑවක් පමණ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී තිබෙන බවත් දුෂ්කරම රටවල් අතුරින් ශ්‍රී ලංකාව පළමු පෙළ සිටින බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද දේශීය සහ විදේශීය බැංකු ප්‍රධානීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Related posts

“TNA යනු LTTE දේශපාලන අංශයයි.. ඔවුනුත් ත්‍රස්තවාදීන්ට සමයි“ කැනඩා අධිකරණය තීන්දු කරයි

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

ත්‍රිකුණාමලයේ වැඩිම මනාපය සමගි ජන බලවේගයේ තවුෆීක්ට

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

colombotoday

පාසැල් දරුවන් “පැති කුදය“ රෝගයෙන් බේරා ගන්න අලුත් පොත් බෑග් එකක් !

colombotoday