Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග ගැන අගමැති වහාම ලේඛනයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන්නැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන විසඳුම් පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

මේ අතර දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33 ක හිඟ මුදල් ගෙවීමට ඇති බව ත් මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බව ත් අනාවරණය වී ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා ඇත්තේ, ප්‍රංශ රජය හෙට දිනයේ ආධාර ලෙස ලබාදීමට නියමිත බැවින් එම ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය ලැබීමෙන් පසු සියලුම හදිසි ශල්‍යාගාර ඒකක දින 90ක කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවයි.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය කඩිනමින් ඖෂධ මිල දි ගැනිමේ වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් ද මෙහිදී පත් කර තිබේ.

මේ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල් , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්, සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

Related posts

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

Admin

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday