Covid 19

යාපනය බන්ධනාගාරයේ 51කට කොවිඩ්

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ (27) දිනයේ සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

බන්ධනාගාර රැඳවියන් 150 දෙනෙකු මෙහිදී PCR පරීක්ෂණයට භාජනය කර ඇත.

ඊයේ දිනය තුළ පමණක් යාපනය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ්-19 ආසාදිතයින් 59 දෙනෙකු හඳුනාගැනුණු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනය වන විට බන්ධනාගාර කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4932 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 4670 දෙනෙකු සුවය ලබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ අතර කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ තහවුරු වුණි.

මීට පෙරත් ආසාදිතයින් 08 දෙනෙකු එම බන්ධනාගාරයෙන්ම හඳුනාගැනුණි.

රිමාන්ඩ් බන්ධනාගාරයේ උපරිම ධාරිතාව ඉක්මවා රැඳවූවන් නේවාසිකව සිටීම හේතුවෙන් එම ස්ථානය කොවිඩ් ඉහළ අවදානමක් සහිත බවට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.

Related posts

පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 16ක්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 21ක්

colombotoday