Colombo Today Local News

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී පත් කරන බව රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08)දින කීය.

මේ වනවිටත් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තමන්ද අදාළ අමාත්‍යාංශවලට ගොස් රාජකාරී කටයුතුවල නිරත වන බවද සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්වූයේ වෙනත් පිරිසකට නව කැබිනට් මණ්ඩලයක් ඇති කිරීමට අවස්ථාව දීමේ අරමුණින් වුවද විපක්‍ෂයේ හෝ වෙනත් පාර්ශ්වයකට එවැනි හැකියාවක් නැති බව මේ වනවිට හෙළිවී තිබෙන බවද ඔහු කීය.

එබැවින් ව්‍යවස්ථානුකූල ලෙස නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම ලබන සතියේ සිදු කරන බවත් ඒ පිළිබඳ සැකයක් තබා නොගන්නැයි දන්වන බවත් කාංචන විජේසේකර මහතා වැඩිදුටත් පැවසීය.

Related posts

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday

මාස එකහමාරේ බිලිඳිය රෝහලේ දමා මව පැන ගිහින් | මඩකලපුව පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday