Colombo Today Local News

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ජනපති තීරණය කළා – ඇමති නවීන්

ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික කමිටුව තීරණය කළ බව වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

වැවිලි සමාගම්වල උසස් නිලධාරීන්හට පැවති වැඩමුළුවකින් පසුව මාධ්‍ය අමතමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

එහිදී අදහස් දක්වමින් ඇමතිවරයා මේසේද කියා සිටියේය,

ග්ලයිෆොසේට් තහනම ගැනත් විවිධ ප්‍රකාශ පළ වෙනවා. මම එහෙම අභියෝගවලට බයත් නෑ. එහෙම අභියෝග ඉදිරිපත් කරන්නෙත් නෑ. ඒ කියන්නේ මගේ කරුණු සම්බන්ධයෙන් අභියෝග කළොත් ඒ ගැන මම ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ ග්ලයිෆොසේට් ප්‍රශ්නයට, මම ඒකට ග්ලයිෆොසේට් කියන වචනය පාවිච්චි කරන්නත් කැමැතියි නෑ. මම කැමැතියි වල් නාශකය කියන වචනය පාවිච්චි කරන්න. වල් නාශකය අවශ්‍යයි කියන මතය විශේෂයෙන්ම වාණිජ කෘෂිකර්මයට, ඒ කියන්නේ ගෙවතු වගාවට වල් නාශකයක් අවශ්‍ය නෑ. නමුත් හෙක්ටයාර් දාහ දෙදාහ තුන්දාහ වගා කරන සමාගම් හෝ ආයතන වේවා, විශේෂයෙන්ම අධික මිලක් තියෙනවා මනුස්ස ශ්‍රමයට. ඉතිං එකක් ඒ නිසා වල් නාශකයක් අවශ්‍යයි.

දෙක ග්ලයිෆොසේට් කියන වල් නාශකය මනුෂ්‍යයන්ට අහිතකරයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කාසිජන් කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. මස් වර්ග හරක් මස් කාසිජන් තියෙනවා කියලා කියනවා. අපේ අසල්වැසි මිත්‍ර රටවල් වන ඉන්දියාව, ජපානය පරිසර හිතකාමී රටවල්. නවසීලන්තය පරිසර හිතකාමී රටක්. ඒ අය මේ වල් නාශකය තහංචි කරලා නෑ. තාමත් පාවිච්චි කරනවා. ඉතිං අති බහුතර රටවල් ප්‍රමාණයක් රටවල් එකසිය අසූ ගාණක්ම මේ වල් නාශකය පාවිච්චි කරනවා. මම නෙවෙයි තීරණය කළේ. ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් තිබෙන ජාතික ආර්ථික කමිටුව තීරණයක් අරගෙන තියෙනවා වල් නාශක තහංචිය ඉවත් කරන්න. ඒ අනුව මම ක්‍රියා කරනවා.

රතන ස්වාමීන් වහන්සේ මෙයට එදත් විරුද්ධ වුණා. අදත් විරුද්ධ වෙනවා. උන්වහන්සේට ඒ අයිතිය තියෙනවා විරුද්ධ වෙන්න. නමුත් අපිටත් අයිතියක් තියෙනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න. මේකෙන් විශාල හානියක් වෙනවා වැවිලි සමාගම්වලට, වැවිලිකරුවන්ට, වැවිලි ආර්ථිකයට. අපි හිතන විදිහට අපි අනුමාන කරලා තියෙනවා, මේ නිසා රුපියල් බිලියන 15ත් 20ත් අතර ප්‍රමාණයක් අපිට අහිමි වෙලා කියලා. මම කිසිසේත්ම වල් නාශක ගැන කතා කරන්නේ නෑ. පැහැදිලිව සාක්ෂි තියෙනවා නම් මනුෂ්‍යයන්ට එය අහිතකරයි කියලා. විශේෂයෙන්ම වකුගඩු රෝගයට මේ ග්ලයිෆොසේට් සමඟ සම්බන්ධයක් ඔප්පු වෙලා නෑ. එහෙම ඔප්පු වුණා නම් මම කතා කරන්නෙත් නෑ. නවීන් දිසානායක බහුජාතික සමාගම්වලට, මුදල්වලට යට වෙන පුද්ගලයෙක් නෙවෙයි. ඉතිං දැන් මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න අපිට වල් නාශකයක් අවශ්‍යයි. රතන හිමියන්ට අපිට ග්ලයිෆොසේට් දෙන්න බැරි නම් වෙන දෙයක් හරි දෙන්න කියලා මම උන්වහන්සේගෙන් ඉල්ලනවා.

Related posts

ඉල්ලා අස්කර ගත් රාජපක්ෂලාගේ නඩු ගැන විමසන්න සජබේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් කොමිසම ට යයි

colombotoday

TNA ගොරණාඩුවට ජනපති සැලෙයි.. වව්නියාව රණවිරු ගම්මානය මගහැර යාපනේට ගුවනින් බහී

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday