Colombo Today Local News

“මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූණා” ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ganasara thero 23

උසාවියට අපහාස කිරීමේ සහ පැමිණිළිකරුවෙකුට තර්ජණය කළැයි යන චෝදනාව මත ඇප ලබා නොදී දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩු වුණු බව සදහන් කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කිරීමට සූදානම් වනවා.

යාපනය හා මන්නාරම උසාවි සංකීර්ණයට ගල්මුල් වලින් පහර දෙමින් නීතියට අපහාස කළ පුද්ගලයන් සහ රජයේ අමාත්‍යවරයෙකු විසින් අධිකරණ විනිසුරුවරයෙකුට තර්ජණය කිරීම පිළිබදව සාක්ෂි තිබියදී ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමත්, උසාවිය තුළ අදහස් පළකිරීම සම්බන්ධයෙන් උසාවියට අපහාස කළේය යන චෝදනාව මත තමන් වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සදහන් කරමින් අද පෙරවරු 11ට පමණ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කරන බවයි වාර්තා වන්නේ.

Related posts

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

කොළඹ වරායේ මහා පරිමාණ ඉඩම් ජාවාරමක්… චන්ද්‍රිකාට එරෙහිව පරීක්ෂණ කරන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට විරෝධය දක්වයි

colombotoday

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin