අද (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බවයි එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ.
ජනතාව කබලෙන් ලිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවත්, රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත්, අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට යෑම තනිකරම විහිළුවක් බවත් බෙල්ලන මහතා පවසයි.
මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි ක්‍රියාත්මක වන බවද හෙතෙම සදහන් කරයි.