Colombo Today Local NewsTop Stories

සමීක්ෂණ වාර්තාවලින් සිරස ඇද වැටෙද්දී LMRB සමීක්ෂණ ආයතනයට මහරජා තර්ජනය කරයි

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සහ රුපවාහිනී සමීක්ෂණ වාර්තා සැපයීමේ ප්‍රමුකතම ආයතනය වෙන LMRB ශ්‍රේණිගත කිරීම් අනුව මහරජා සමුහ ව්‍යාපාරය සතු රුපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා (සිරස TV, ශක්ති TV, MTV, Chanel one, සිරස FM, ශක්ති FM, Y FM, Yes FM) දිගින් දිගටම පහලට ඇද වැටීම හේතුවෙන් මහරාජා ආයතනය විසින් LMRB ආයතනය වර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

News first ප්‍රවෘති විකාශ දැඩි ලෙස දේශපාලනීකරණය වීම හේතුවෙන් ජනතාව මහරාජා ආයතනය සතු සියලුම මාධ්‍ය ආයතන ප්‍රතික්ෂේප කරන තත්වයකට පත්විම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම් අතර පහලට ඇද වැටෙමින් පැවතීමේ වගකීම එම ආයතනය සතු දෙයක් බවත් ජනතාව ලබාදෙන කැමැත්ත මත වාර්තා සැකසීම LMRB ආයතනයස්වාධීනව කලයුතු බවත් ඊට එහා ගොස් කළහැකි දෙයක් තම ආයතනයට නොවන බවත් LMRB ආයතන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මහරාජා ආයතනය LMRB ආයතන වර්ජනය කිරීම හේතුවෙන් සමීක්ෂණ වාර්තා ලබාගන්නා ආයතන තුලින් එම ආයතනයට මාස් පතා ලැබෙන මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් මෙම මස සිට නොලැබී යනු ඇත. ලාබ නොලබන තත්වයක ඇති LMRB සමීක්ෂණ ආයතනයට මෙම පාඩුව දරාගැනීමට නොහැකි වන බවත් මෙලෙස වර්ජනය කිරීම අපක්ෂපාති ලෙස සිදුකරන සමීක්ෂණයන්ට තර්ජනය කිරීමක් වැනි දෙයක් බවත් එම ආයතනයේ සේවකයෙකු අප සමග පැවසීය.

සිරස අංක 1 ස්ථානයේ තිබෙන විට එක් ආකාරයකට සැලකීමත් තම ආයතනය තුල සදාචාර සම්පන්න මාධ්‍ය බාවිතයක් නොමැති නිසා ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද වැටෙද්දී එක් ආකාරයකටත් හැසිරීම මහරජා ප්‍රධානි කිලී මහරාජාගේ අචාරවත් භාවය සමාජයට පෙන්නුම් කිරීමක් බවත් එම සේවකයා අප සමග ප්‍රකාශ කර සිටියේය.

Related posts

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

වසර අවසාන වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අ. ඩොලර් බිලියන 03කට වඩා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

ඊබේ, අලිබාබා, ඇමසන් වලින් ලාබෙට බඩු ගෙන්වූ කාලය අවසන්.. බදු ගෙවන්න වෙයි !

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday