Colombo Today Local News

අවුරුදු 28ක් වසා තැබූ මාර්ගයක් ජනපති විවෘත කරයි

වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව – කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය ඊයේ (05) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග අනුව විවෘත කරනු ලැබීය.

1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක‍්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දැමූ බව යුද හමුදාව පවසයි.

සිවිල් ජනතාවට පේදුරුතුඩුව මයිලඩ්ඩි වරාය විවෘත කර පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ඉඩම් ලබාදීමත් සමඟ එම ජනතාවට ජීවන වෘතිය කරගැනීම සහ වෙනත් කාරණා සදහා කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට කිලෝමීටර 22කට අධික දුරක් ගමන් කළයුතුව තිබුණි. මාර්ගය විවෘත කිරීමෙන් පසු පේදුරුතුඩුව ජනතාවට කිලෝමීටර 3.5 පමණ දුරක් ගමන් කිරීමෙන් කන්කසන්තුරයට ගමන් කළ හැකිව තිබේ.

Related posts

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

colombotoday

ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන තහනම්

Admin

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday