කටාර් එමීර් ශෙයික් තමීන් බින් හමාඩ් අඩ් තානි හා ඔහුගේ පවුලේ පිරිස පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔවුන් අද (25දා) සිට 28 වැනිදා දක්වා දින 04ක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී කටාර් එමීර්වරයාගේ ආරාධනාවක් අනුව ජනපතිවරයා කටාර් සංචාරයකට එක්වූයේ ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය නිල සංචාරයක් කළ පළමු රාජ්‍ය නායකයා බවට පත්වෙමිනි.