Colombo Today Local News

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

cellphone+bill+shock+surprise+mobile

නව වැට් බදු සංශෝධනයට අනුව දුරකථන ඇමතුම් ගාස්තුව සියයට 49.5කට වැඩි අගයකින් වැඩිවිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. ගාස්තු අයකරන නව ක්‍රමවේදය පිළිබඳව මේ වන විට මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා පවසන්නේ.

ඇතැම් දුරකථන සමාගම් මේ වන විටත් වැට් බද්ද ඇතුළත් කොට තම දුරකථන ගාස්තු ඉහළ දමා ඇති බව පෙන්වා දෙන ඒ මහතා එහිදී පාරිභෝගිකයාට ‘බද්ද මත බද්දක්’ දැරීමට සිදුව ඇති බව අනාවරණය වී ඇති බව පවසනවා. අදාල සමාගම් ඒ පිළිබඳ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර එම පියවර ගෙන ඇති බව පැවසුවද, එම ක්‍රමවේදය පාරිභෝගිකයාට අසාධාරණයක් බැවින් ගාස්තු අය කරන ක්‍රමවේදය පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ද හෙතෙම පවසනවා. ඒ අනුව ඉදිරියේදී ගාස්තු අය කරන ක්‍රමවේදය පිළීබඳව සියලු දුරකථන සමාගම් සහ පාරිභෝගිකයන් දැනුවත් කරනු ඇති.

නව බදු පැනවීමට පෙර දුරකථන ගාස්තු වශයෙන් අයකරනු ලැබ ඇත්තේ, සියයට 25ක විදුලි සංදේශ බද්දක් සහ රජයේ වෙනත් බදු වශයෙන් සියයට 2.5ක ගාස්තුවක එකතුව වන සියයට 27.5කි. නව බදු සංශෝධනය නිසා එම ගාස්තුවට වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ද එකතු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට දුරකථන සමාගම් තුනක් විදුලි සංදේශ බද්ද සියයට 26.04 දක්වා ඉහළ දමා ඇති අතර, ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ වෙනත් බදු වශයෙන් සියයට 4.16ක් ද එයට එක්කර තිබේ. එම බදු දෙකේ එකතුවට වැට් බදු ලෙස සියයට 19.53ක් ද දුරකථන ගාස්තුවට එක්කර තිබෙනවා. ඒ අනුව නව වැට් බදු පැනවීම තුළින් මේ වන විටත් සිය පාරිභෝගිකයන්ගෙන් සියයට 49.73 ක් අයකර ගැනීමට එම දුරකථන සමාගම් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Neth Fm

Related posts

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

colombotoday

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ ගැන සැහිමකට පත් වෙනවා.- රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

colombotoday

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday