Colombo Today Local News

“පන්සල, පාසල දියුණු වුණත් සංස්කෘතිය, හැදියාව පිරිහිලා” – සංස්කෘතික නියෝජ්‍ය ඇමති

‘එදා පාසලත් පන්සලත් ජනතාවගේ හැදියාව, සංස්කෘතිය ගොඩනැගුවා. අද පන්සලත් පාසලත් දෙකම දියුණු වී තිබුණත් ජනතාවගේ හැදියාවත්, සංස්කෘතියත් දෙකම පිරිහිලා.‘ යැයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර රංග ශාලාවේදී පැවති කලාභූෂණ රාජ්‍ය සම්මාල උළෙලට සහභාගී වෙමිනි.

‘අද කලාවත් පිරිහීමට ලක්වෙලා. එයට මේ දේශාපලන ක්‍රමයත් ප්‍රධාන හේතුවක් වුණා. කලාවටත්, අධ්‍යාපනයටත් ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. අද අපේ තරුණ පරපුර යහපත් දේට සමාජයට සේවයක් කරන කලාවට යොමු වෙනවා වෙනුවට වෙනත් දේවල් වලට යොමු වී තිබෙනවා. මත්පැන්, මත්කුඩු, සහිත තැන්වලට තමයි අද අපේ තරුණයා ඇදී එන්නේ. අද ගම්වලටත් බාර් එකක්, රේස් බුකියක් නැතිව බැරි තත්වයක් ඇතිවී තිබෙනවා. මේ සමාජ පිරිහීමෙන් රට ගොඩගත හැක්කේද කලාව තුළින්මයි.‘ යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

colombotoday

ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද දේශප්‍රිය සැරසෙයි

colombotoday