Colombo Today Local News

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබී එම කහකුඩු තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේය.

රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමින් යුතු කහ තොගය සොයාගෙන තිබේ.

කහ තොගය ගෙන්වා ඇති පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මීට පෙර ද මෙවැනි නීතිවිරෝධි කටයුතුවල නිරතවූවෙකු බවට හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එම පුද්ගලයා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව ද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් උසස් පෙළ අදින් ඇරඹේ

colombotoday

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ගෑස් සමාගම්වලට අධිකරණයෙන් නියෝග

colombotoday

ඩොලර් නැතිව මුදාගැනීමට නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ

colombotoday

ජවිපෙ පට්ට හොරු.. අනුර කුමාර ඔය නිකන් අපි එක්ක හිනා වෙවී ඉන්නව.. උදේට බනිනව – මුදල් ඇමති

colombotoday