Uncategorized

යුධ අපරාධ කළ බව ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 36වන සැසිවාරයට සමගාමීව “ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව ” යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙහි ප්‍රධාන දේශනය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පවත්වන ලද අතර රටවල් ගණනාවක් නියොජනය කරමින් ශ්‍රී ලංකිකයෝ සම්මන්ත්‍රණයට එක්වී සිටියහ.

මෙහිදී බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් බෙලී විරෝධතාවක් මතුකරමින් ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පිළිගෙන ඇති බව කියා සිටියේ ය. එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ එදා රජයට පක්ෂව සම්මුඛ සාකච්ඡා දුන්නේ බලපෑම් යටතේ බවද ඔහු පැවසීය.

මීට පිළිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා ඩේවිඩ් බෙලී මෙහි පැමිණ මානව හිමිකම් ගැන කතාකරන්නේ ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියා ප්‍රශන කළේය.

තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමින බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා එදා යුද පිටියේ සිදුවූ සියලු දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදීන් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අත්ඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය.

සුහන්දරන් නැමැති දෙමළ ඩයස්පෝරාවේ නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප්‍රශ්න කළ විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය ආයතනය දෙමළ ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය.

අද මේ සිදුවීම් කිහිපයක් ගැන ප්‍රශ්න අසන සුහන්දරන් එල්.ටී.ටී.ඊ.ය නිරායුද පොලිස් නිලධාරීන් 600ක් වෙඩිතබා මරණ විට සිටියේ කොහේද කියා ද ඔවුහු පෙරලා ප්‍රශ්න කලහ.

Related posts

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

New York’s first women-only boxing club is here

colombotoday

ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළිත් පත්කරයි

colombotoday

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

colombotoday

An entrepreneur shares 20 tips for traveling for free

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday