ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුදාපති ධුරය දැරීමට පවා නුසුදුසු පුද්ගලයකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ අවශ්‍යතාවන් සදහා ජනරාල් ජගත් ජයසූරිය මෙලෙස හමුදාපතිවරයා බවට පත්කල බවයි.
ජගත් ජයසූරිය සිදුකල අපරාධ සම්බන්ධයෙන් තමා සතුව තොරතුරු ඇති බවත් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් සිදුකරන්නේ නම් සාක්ෂිකරුවකු ලෙස තමා සාක්ෂි ලබාදීමට වුවද සූදානම් බවද සරත් ෆොන්සේකා මහතා පවසයි.