Colombo Today Local News

පොලිතීන් තහනම් වෙද්දී, ජනපතිගේ කටවුට් කොළඹ ආක්‍රමණය කරයි.. පොලිතීන් ටොන් ගණනක් පරිසරයට

සැප්තැම්බර් 03 දා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරයට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් දැවැන්ත ප්‍රමාණයේ කටවුට්, දැන්වීම්, පෝස්ටර් කොළඹ දිස්ත්‍රික්කය පුරා තැන තැන ප්‍රදර්ශනය කර තිබේ.

මේ සියලු කටවුට් සදහා පොලීතීන් සංයෝගයකින් නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය භාවිත කර ඇති අතර නොදිරන කසල අති විශාල ප‍්‍රමාණයක් එකතු වීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි කාර්යයන් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ ආකාරයේ කටවුට් දැන්වීම් ප්‍රදර්ශනය කිරීම දැඩි විවේචනයට ලක්විය.

අද (01) දිනයේ සිට පොලිතීන් භාවිතා කිරීම තහනම් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී, රජයේ දේශපාලකයන් විසින්ම එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම පිළිබදව සමාජ ජාලවලද දැඩි විවේචන එල්ල වී තිබේ.

[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1369283366453666/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday