Colombo Today Local News

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

ශිවලෝගනාදන් විද්‍යා දැරිය නාවික හමුදාව විසින් ඝාතනය කළ බව විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන මහාලිංගම් සශින්ද්‍රන් නමැත්තා (ප්‍රධාන සැකකරු මහාලිංගම් සශිකුමාර් නොහෙත් ස්වීස් කුමාර්ගේ සොහොයුරා) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ (28) දා පැවසීය.

නාවික හමුදාව විද්‍යා දැරිය ඝාතනය කොට ඒ සඳහා තමන් ඇතුළු පිරිසගේ නම් ඈදාගෙන ඇති අතර, තමන් ඇතුළු පිරිසගේ ජායාරූප යොදා ගනිමින් තමන් ඝාතනය සිදුකොට ඇති බවට සමාජගත කොට ඇති බවද සෂීන්ද්‍රන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවසීය.

මීට පෙර නඩු විභාගය මෙහෙයවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ විත්තිකරුවන් අදාළ ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට ජනතාව අතර මතයක් ගොඩනැගීමට ආරමිභයේ සිටම උත්සහ ගෙන ඇති බවයි.

මේ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ (29) සාක්කි දෙමින් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සශිකුමාර් නොහොත් ස්වීස් කුමාර් නමැත්තා ප්‍රකාශ කර තිබුණේ යාපනය වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටගසා මිනිසුන් තමන්ට පහදුරන් අවස්ථාවේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිණී විජයකලා මහේෂ්වරන් පැමිණ තමන් බේරාගත් බවයි.

විද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා !

Related posts

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

ඥානසාර හිමියන්ට නිදහස

Admin

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday