මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අවසන් විසඳුමක් සහිත ලියවිල්ලක් ලබන සඳුදා (28) නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන්නේයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එම සංගමය, සෞඛ්‍ය ඇමැති, නීතිපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් ද, වෛද්‍ය පීඨ ආචාරුවරු ඇතුළු පිරිසක් ද කොළඹ ජනාධිපති කාර්යාලයයේ දී ඊයේ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළහ.