Colombo Today Local News

“ආණ්ඩුව සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්.. රටම අනාථයි” – ඥාණසාර හිමි හෙළිකරයි

යහපාලන රජයත් ඒකාබද්ධ විපක්‍ෂයත් කටයුතු කරන්නේ ‘ඩීල්’ එකක්‌ අනුව යෑයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පවසයි.

මාගම්පුර වරාය චීනයට විකිණීමට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස්‌ මාධ්‍ය සාකච්ඡාවකින් පිළිබිඹු කළ දේශප්‍රේමී භාවය වරාය විකුණන අවස්‌ථාවේ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක්‌ බවත් පැවසූ උන්වහන්සේ මීට සැබෑ ලෙසම විරුද්ධ වූවේ නම් බොහෝ දේ කළ හැකිව තිබූ බව ද කියා සිටියහ.

ඒ උදවියට බැරි වූ දේ මේ උදවියත් මේ උදවියට බැරි වූ දේ ඒ උදවියත් කරන තැනට රටේ දේශපාලකයා පත්ව ඇතැයි පැවසූ ඥනසාර හිමියෝ පක්‍ෂ විපක්‍ෂ වැරදි ඔවුනොවුන්ගේ වැරදි වසා ගැනීමට දෙපාර්ශ්වයම කටයුතු කරමින් සිටින බවත් කීහ.

රටේ සම්පත් විකුණනවෝ යෑයි කෑගැසූ ජනතාව ඊට එරෙහිව පෙළගැස්‌සවීමට ඒකාබද්ධය ද කටයුතු නොකළ බවත් එහි එක මන්ත්‍රීවරයකු මිනිසුන් දහස බැගින් රැස්‌ කළේ නම් විශාල ජන සහභාගිත්වයෙන් යුත් විරෝධතාවක්‌ කළ හැකිව තිබූ බවත් උන්වහන්සේ කියා සිටියහ.

මේ දෙපාර්ශ්වයේම රඟපෑමට රටේ ජනතාව රැවටෙන බවත් මින් අනාථ වන්නේ රටේ අනාගත පරපුර බවත් උන්වහන්සේ පැවසූහ.

සිරිසමන්ත රත්නසේකර

Related posts

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

colombotoday

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

මාධ්‍ය වාරණය කරන්නේ නෑ

Admin

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin

20 සම්මත කළ ආකාරයට එරෙහි පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

colombotoday