Colombo Today Local News

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ගේ සමුගැනීමේ සාදයක් ඊයේ (16) රාත්‍රීයේ කොළඹ පදනම් ආයතනය දි පැවත්විය. මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ඔහුගේ පැරණි හිතවතුන් 150 ක් පමණ පිරිසක් එයට සහභාගි විය.

මෙහිදී චම්පික රණවක අමාත්‍යවරයා පමණක් කතාවක් කරමින් හිටපු ලේකම් ගැන සඳහන් කල අතර ජනාධිපතිවරයා මාධ්‍ය එහි සිටින බව හගවමින් තමාගේ පාසල් ජීවිතයේ සිට එකට සිටි මිතුරා වෙනුවෙන් කතා කිරීමෙන් වැලකී සිටියේය.

පැමිණ සිටි සියලු දෙනා අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කතා කල අතර එහිදි එක්තරා රසවත් කතාවක් කියමින් ආණ්ඩුවටත් සමාජයටත් වැදගත් පණිවිඩයක් දුන්නේය, එම කාතාව මේසේය.

එක්තරා වැඩපලක වැඩකරන කම්කරුවකු වැඩ ඇරි යන විට පෙට්ටියක් පටවාගත් විල්බරෝවක් තල්ලු කරගෙන ගියේය, එහිදි එහි සිටි සිකුරිටි ගාඩ් එය පරීක්ෂා කර බලන විට එම විල්බරෝවේ තිබු කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලේ ලී කුඩු දමාගෙන එය ඉවත් කිරීමට ගෙනි යන බව පෙනි ගියේය. දින කිහිපයක්ම මෙසේ පරීක්ෂා කොට එම කම්කරුවාට යන්න අවසර ලබා දුනි. එහෙත් දිගින් දිගටම එම කම්කරුවා විසින් එය පුරුද්දක් ලෙස කිරීම නිසා සැක සිතු සිකුරිටි ගාඩ් ලී කුඩු පෙට්ටිය පරික්ෂා කිරිමට පෙර කම්කරුවාට ඉගියක් කලේ ඔහුගේ සැකය දුරු කරගැනීමටයි, එහිදි සිකුරිටි ගාඩ්, “අද මම තමුසේගේ හොරකම අල්ලා ගත්තා ඇත්ත කියනවා, නැත්නම් මම තමුසේ බොස්ට අල්ලා දීල තමුසේගේ රක්ෂාව නැති කරනවා, ඊට ඉස්සෙල්ල ඇත්ත කිව්වොත් මම තමුසේට පොඩි සහනයක් දෙනවා” යන්නයි, . ඉන් බියට පත් කම්කරුවා සිකුරිටි ගාඩ්ට ඇත්ත පැවසුවේ ය. ඔහු සිකුරිටිගාඩ් නොමග යවමින් ඉවතලන ලී කුඩු බව හගවමින් ආයතනය සතු විල්බරෝ ගෙන ගොස් ඇති බව තේරුම් යන විටත් වෙන්න තිබුණ හානිය සිදු වී හමාර බව සිකුරිටි ගාඩ්ට වැටහීනි.

මෙය තේරුම් ගත් සිකුරිටිගාඩ් තමා විසින් තමට පැවරු රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම නිසා තමාගේ රක්ෂාව අහිමිවන බැවින් ඔහු නිහඬ විය. ඒත් ආයතනයට වූ හානිය සිදු වී හමාරයි. යන්න පවසමින් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඔහුගේ සමුගැනිමේ හරවත් කතාව අවසන් කලේය.

එයින් අදහස් කලේ, අද මේ ආණ්ඩුවේ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා මේ වනවිටම ජනතාවට වෙන්න ඕන සියලු හානි සිදු වී හමාර බවත් ඒ සියලු කාරණා ජනතාවට හංගාගෙන කොහොම හෝ ආණ්ඩුව කිරීමට පාලකයෝ උත්සහ ගන්නා බවත් නමුත් වැඩිකල් නොගොස් ජනතාව එයට උත්තර දෙනු ඇතයි එහි සිටි කිහිප දෙනෙකුගේ කසු කුසුවෙන් තේරුම් ගියේය.

මේ සාදය සඳහා සහභාගි වූවන් අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිලවා, මහින්ද අමරවීර, රවි කරුණානායක, දයා ගමගේ, චම්පික රණවක මෙන්ම ලසන්ත අලගියවන්න මුදල් රාජ්‍ය ඇමතිවරයාද සහභාගි වී සිටියේය. ජනාධිපතිවරයා විනාඩි කිහිපයක් රැදි සිට එම සාදය අවසන් වීමට පෙර නික්ම ගියේය.

Lankacnews

Related posts

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

කුවේටයෙන් පැමිණි විශාල ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වෙයි. කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු කරයි.

colombotoday

රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

colombotoday

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday