Colombo Today Local News

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

පසුගිය කාලය තුළ පැවති දැඩි නියගය නිසා වී නිෂ්පාදනය පහළ බැසීම හේතුවෙන් සහල් මිල ඉහළ ගිය ද තවදුරටත් වෙළෙදපොළ තුළ දේශීය සහල් මිල ඉහළ ගියහොත් පිටරටින් සහල් ගෙන්වා ආණ්ඩුව පාඩු ලබමින් හෝ එම සහල් සහන මිලට රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) පෙරවරුවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

සහල් මිල කෙතරම් ඉහළ ගිය ද ආණ්ඩුවේ ලොක්කන්ට එය නොපෙනෙන බවට පසුගියදා ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තාවක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ සාමාන්‍ය පවුලකින් පැමිණි ජනතාවගේ දුක, වේදනාව හදුනන නායකයෙකු ලෙස තමා සියලූ කටයුතු සිදු කරන්නේ එම අත්දැකීම සමග බවත් රටේ ජනතාව කුසගින්නේ තැබීමට තමා කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්ය.

වත්මන් රජය යටතේ අද රටේ සමාජ, ආර්ථික, දේශපාලන සියලූ ක්ෂේත‍්‍රවල පරිවර්තනීය වෙනසක් සිදු වෙමින් පවතින අතර, කුමන අභියෝග පැමිණිය ද එම වැඩපිළිවෙළ අධිෂ්ඨානශීලිව ඉදිරියටම ගෙන යන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

කෘෂිකර්ම අමාත්‍යංශය සබිතාගේ ගොඩනැගිල්ලට ගියවිදිහ අහන්න අගමැති ලේකම් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

colombotoday

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

colombotoday

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගරයේ

Admin

“වඳ පෙති ගැන ප්‍රකාශය බොරුවක්” – බොදු බල සේනා”

colombotoday