Colombo Today Local News

ඩෙංගු මඩින්න කදිම පිළියමක් අධ්‍යාපන ඇමති සොයාගනී.. සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් !

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිලඇඳුමක් එම සිසුන්ට නිම කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දික් කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් යොජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී පාසල් වෙත යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාසල් ජල හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩසටහන සඳහා මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කර ගනියි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වේ..

colombotoday