Colombo Today Local News

කොළඹ ප්‍රහාරයකට ISIS සූදානමක් : ‘ඒ ගැන අපි දැනුවත් නෑ‘ – පොලීසිය

කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි එස් ත්‍රස්ත සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙතෙන් කිසිඳු තොරතුරක් තමන් වෙත ලැබී නැතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ඇතැම් විට අමෙරිකානු රජය විසින් එය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට කළ දැනුම් දීමක් විය හැකි බවයි. කෙසේ වෙතත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවද ඔහු කියා සිටියේය.

රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සඳහා අයි එස් ත‍්‍රස්ත සංවිධානය කුමන්ත‍්‍රණය කරන බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය අද (02) වාර්තා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එය වැළැක්වීමට කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අමෙරිකානු බලධාරීන් ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ශ‍්‍රී ලංකාවේ කිසියම් පුද්ගලයෙකු අයි එස් සංවිධානය සමග සබඳතා පවත්වන බවට තොරතුරු ඇත්නම් ඒ පිළිබඳවද සොයා බලන ලෙසද අමෙරිකාව දන්වා ඇති බවයි එම වාර්තාව මගින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකානු රාජ්‍ය අංශ බුද්ධි අංශ නිළධාරීන් පිරිසක් දැනටමත් දිවයිනට පැමිණි ඇති බවත් අදාළ වාර්තා හෙළි කරනවා. අනතුරුදායක තත්ත්වය පිළිබඳ ඇති තොරතුරු නිසා තානාපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් එහි වැඩි වේලාවක් රැඳී නොසිටින බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.

Related posts

ඉන්ධන නියාමනය මහජන උපයෝගීතා ⁣කොමිසමට ඉල්ලයි

colombotoday

රියදුරු බලපත්‍රහිමියන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday

දානය දීම කුරාණයට පටහැණියි.. මිලිදූව පල්ලියේ දානයට එල්ලවූ ප්‍රහාරය ගැන තව්හිද් ජමාත් ගෙන් අමුතු ලිපියක්…

colombotoday

නෙළුම් කුලුන ණයෙන් කන්දක් වෙයි. මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නෑ. | විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ.

colombotoday

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday