අද (31) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644කි.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 57,159 දෙනෙකු දක්වා ඉහළ ගියේය.
කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 313 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.