ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැළසිම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සැළසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මේ පිළිබඳ විදෙස් රටවල් රැසක් මේ වනවිට දැනුවත් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් ආධාර සියල්ල එක් ගිණුමකට බැර කර නිවාස ඉදිකිරීම වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම සදහන් කළේය.