Colombo Today Local News

මියගිය මසුන් ලක්ෂ ගණනක් නැගෙනහිර වෙරළට ගොඩගසයි… මහ විපතක පෙරනිමිතිද?

මුලතිව්, නන්දිකඩාල් කලපුවේ, මුල්ලිවයික්කාල් හා වට්ටුවාක්කල් මුහුදු තීරයේදී මිය ගිය කුඩා මසුන් විශාල ප්‍රමාණයක් ඊයේ (02) සහ පසුගිය දින කිහිපයේදී ගොඩ ගසා තිබූ බවට වාර්තා වෙයි .

මසුන් විශාල සංඛ්‍යාවක් මෙසේ මියයන්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ධීවරයින් පවසන්නේ කිසියම් විෂ සහිත ද්‍රව්‍යයක් හෝ කාලගුණික වෙනස් වීමත් සමග ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම සතුන් මෙලෙස මියයන්නට ඇති බවටයි.

මේ අතර පසුගිය 31 දා මුලතිව් වෙට්ටුවාකල් වෙරළ තීරයටද තල්මසුන් විශාල ලෙස ගොඩ ගසා තිබුණා.

මෙවන් මත්ස්‍ය ගොඩගැසීම් සිදුවන්නේ මුහුදේ සිදුවන යම් දැවැන්ත වෙනසක් නිසා බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ. මීට පෙර සුනාමි ව්‍යවසනයට පෙර තල්මසුන් විශාල සංඛ්‍යාවක් නවසීලන්තයේ දකුණු දිග දූපතකට ගොඩ ගසා තිබිණි.

එසේම ඉන්දියාවේ ඇන්ටාටිකා සහ සාගර පරීක්ෂණය සදහාවූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම්. රවිචන්ද්‍රන් උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ්  අඩවිය වාර්තා කලේ අන් සියළු සාගර වලට වඩා ඉන්දියන් සාගරය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ආකාරයට මත්සයින් මිය යෑම සහ තල්මසුන් විශාල සංඛ්‍යාවක් මුහුදු තීරණයට පැමිණීම අසාමාන්‍ය සිදු වීමක් බවත් පාරිසරික වෙනස් වීම් සදහා සතුන් සංවේදි වීම නිසා මේ තත්වය ඇති වන බවයි පරිසරවේදීන් වැඩිදුරටත් සදහන් කලේ.

පසුගිය දින ගණනාව පූරාවටම නැගෙනහිර වෙරළ තීරයට මේ ආකාරයට තල්මසුන් පැමිණීම සහ මසුන් මිය යෑම පරිසරයේ වෙනස්වීම් නිසා සිදු වූවක් බවත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව පරිසරවේදීන් සදහන් කළා.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1546592648734321/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව පෙබරවාරි 17ට කල් යයි.

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දක්වා ඉහලට.

colombotoday

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් !

colombotoday

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

අවමඟුල් පෙරහැරක තනි රෝදෙන් ගිය තරුණයින්ට එරෙහි වූ තිදරු පියාට හෙල්මට් ප්‍රහාරයක්

Admin

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday