මල්වතු මහා නාහිමියන් බැහැදැකීමට ගිය ඇමති මහින්ද අමරවීර සහ ඇමති දුමින්ද සිල්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මත්පැන් විරොධී වැඩපිළිවෙල සාර්ථකව සිදුකරන බවට ප්‍රකාශ කරද්දී, නාහිමියන් පෙරළා ඇසූ පැණයෙන් ඇමති දෙපොළ දැඩි ලෙස අපහසුතාවට ලක්විය.
“ජනාධිපතිතුමා මේ මත්පැන්වලට එහෙම තදින්ම විරුද්ධයි නේ” යයි අමරවීර අමාත්‍යවරයා මා නාහිමියන් වෙත පැවසු අතර උන්වහන්සේ පෙරලා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ “නමුත් මත්පැන් කර්මාන්තශාලාවක් හදනවා කියලා පත්තරේ තිබුනා’ යන්නයි.
එහිදි අමාත්‍යවරයා නා හිමියන් ඉදිරිපිට තක්කු මුක්කු වී එම ගමනට සහභාගි වූ තම සහෝදර ඇමතුවරුන් දිහාදි බලමින් මල්වතු මහා විහාරයේ සිට අමූලික බොරුවක් කියමින් “එහෙම එකක් නැගෙනහිර පලාතේද කොහ්දෝ හදනවා නේ” යන්න එය වෙනත් රටක සිදුවන දෙයක් මෙන් හෙමිහිට ලිස්සා යන අයුරු මාධ්‍ය මගින් දැක ගත හැකි විය.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1469298659797054/” width=”550″ height=”400″ onlyvideo=”1″]