කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 178 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 912කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 517,377ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 631ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 457,488ක් විය.